සමනළ වැව කැඩී යාවි යැයි මිනිසුන් අතර බියක්. කැඩී ගියහොත් උඩවලව වැවත් කැඩෙනවා. පාලකයන්ට නොපෙනෙන කතාවක්.

මේ දිනවල පවතින දරුණු වැසි හේතුවෙන් සමනල වැව කඩාගෙන යාවිදෝ යන්න විවිධ සමාජ මාධ්‍ය පිටුවල කතාබහට ලක්වෙමින් තිබේ. එසේ කතා බහට ලක්වීමට ප්‍රධානතම හේතුව වන්නේ මෙරට මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේද ප්‍රකාශ විශ්වාස කිරීම මහජනතාවගෙන් ගිලිහී ඇති බැවිනි.

පසුගිය දැඩි නියගය සමයේ සමනළ වැවේ ජළ කාන්දුව වැසීමට හැකියාව තිබුනි. නමුත් මෙරට විදුලිබල හෝ වාරිමාර්ග ඇමතිවරුන්ට සහ ඒ වෙනුවෙන් නියෝජනය කරන රාජ්‍ය සේවකයන්ට හෝ එය පිළිසකර කිරීමට තරම් මොළේ නොතිබූ බව අප දුටිමි. කෙසේ වූවත් අශ්වයා ගියාට පසු ස්ථාලය වසා වැඩක් නැත. මෙහි මතු දැක්වෙන්නේ එවන් දෙයක් සිදුවිය හැකි බවට මෙරට පුරවැසියෙකු සැක පහළ කළ අවස්ථාවකි.

“මේ දවස්වල වැස්සට දවසකට සමනල වැව වාන් දාන්න මට්ටමට දැන් ලං වෙමින් තියෙන්නේ.. ඉතින් සමනල වැවේ කාන්දුව නිසා වැව් බැම්මට හානියක් වෙයිද කියල දවස ගානේ පැයෙන් පැය අදාල ඉංජිනේරුවන් විසින් පරික්ශා කරනව කියල තමයි ආරංචිය.. ඉතින් අපි හැමෝම කතාවෙන ලීක් එක තියෙන පැත්තේ කදු යටට දාල තියෙන සංවෙදක වලින් කියවෙන විදිහට දැනට හානිදායක මට්ටමකට ඇවිල්ලා නැහැකියල තමයි දැනගන්න ලැබුනේ.. මේ වන විට වැව මුහුදුමට්ටමේ ඉදල 455 m වගේ පිරිල තියෙනව ඉතින් මේ මට්ටම 460 m වෙනකම් ගෙන්නව කියල තමයි ආරංචිය..

460 m ට පිරෙන්න කලින් මන් අර මුලින් කිව්ව පැයක් ගානේ චෙක් කරන දත්ත වලින් යම් අතුරුදායක මට්ටමකට ආවොත් හැකි ඉක්මනින් වාන් දොරටු විවෘත වේව්.. ඒ කියන්නේ දැනට ගලන වලවේ ගග වගේ පස් ගුනයක් විශාල වතුර කදක් ගලාවි.. එහෙම උනොත් කල්තොට සපත්තු පලමෙන් නම් වාහන යන්න බැරිවේවි.

කොහොම උනත් වැව් බැම්ම කැඩුනොත් මොනව වෙයිද? එසේ නොවේවා මගේ ප්‍රාර්තනාව නම් හානියක් නොවේවා කියල..

සමනල වැවේ මේ වෙනකොට ඝණ මීටර් මිලියන 200 ක් වතුර තියෙනව කියල තමයි සදහන් වෙන්නේ.. ඒ කියන්නේ කඩාගෙන ගියොත් මුලින්ම කල්තොට වෙලිඔය යට කරගෙන උඩවලවට වතුර ටික යාවි.. උඩවලවේ ධාරිතාව ඝණ මීටර මිලිය 80 ක් වගේ මතක විදිහට.. ඒ කියන්නේ සමනල වැවේ මිලියන 200 කොහොමත් රදවගන්න බැරිවේවි.. උඩවලවත් කඩාගෙන ඝණ මීටර් මිලියන 280 ක් චන්ද්‍රිකා වැවටත් හරහා දකුනු පාලාතට සුනාමියක් ඒවි.. එසේ නොවේවා..

ඉතින් සමනල ඩෑම් එකේ ඉදල කෙලින්ම මුහුදට දුර සමාන්‍යයෙන් 68 km වගේ තියෙනව.. වතුර ටික පැයට කිලෝමිටර් 120 ක වගේ වේගයකින් ගියත් දකුණු පලාතේ අයට විනාඩි 30 ක වත් කාලයක් තියේවි.. ජිවිත බේරගන්න..

ඉතින් එහෙම දෙයක් උනොත් අපි සුදානම්ද ?
මේ වන විට විවිධ ක්‍රියාමාර්ග අරන් තියෙනව කියල ආරංචි.. හැබැයි හදිසියේ මිනිස්සුන්ට යන්න තැන් ගැන තාම අවධානයක් යොමු කරලද කියල විශ්වාසයක් නෑ.. මොකද දැන්මම මිනිස්සුන්ට කියන්න ගියත් පුරුදු කරන්න ගියත් මිනිස්සු අනිසි බියක් ගන්න පුලුවන් නිසා.. කොහොම උනත් දෙයක් වෙන්න කලින් හැම දේකටම සූදානම් උනා නම් හොදයි කියල මගේ අදහස” ලෙස ඔහු මෙම අදහස ලියා තිබේ… (වැලිගෙපොල කළාපය. මුහණු පොත)

Exit mobile version