සමස්ත බදු ගෙවන්නෝ මිලියනයකට ආසන්න වෙයි.

සමස්ත බදු ගෙවන්නන් සංඛ්‍යාව මිලියනයක සීමාවට ආසන්න වී ඇතැයි අනාවරණය වී ඇති බව වාර්තා වේ.

ඉකුත් 2022 වසර අවසානයේදී සිටි සමස්ත බදු ගෙවන්නන් (පුද්ගල බදු,සමාගම් බදු ඇතුළු සියලු බදු) සංඛ්‍යාව ලක්ෂ 04 කි.

එමෙන්ම,වැට් බදු ලිපිගොනු සංඛ්‍යාව 14,000 සීමාවට පැමිණ ඇතැයිද අනාවරණය වී තිබේ.

කෙසේ නමුත්,බදු ගෙවන්නන් සංඛ්‍යාව වැඩි කර ගැනීමට රජය මේ වසරේ සිට පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතත්,ඊට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් නොවන බවට රජයේ ආරංචි මාර්ග කියයි.

Exit mobile version