සමස්ථ ලංකා ජයක්

මෙවර සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ දී සබරගමුව වන්නම් යටතේ තරග වැදුණු ගලපිටගල මහ විදුහලේ දරුවන් එහි දී විශිෂ්ට සම්මානය සහ හොඳම සම්මානය යන සම්මාන ද්විත්වයම දිනාගෙන ඇති බව වාර්තා වේ.

ගලපිටගල මහ විදුහල අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති දුෂ්කර පාසලක් වන අතර කලක දී මෙම පාසල දරුවන් දහසක් පමණ ඉගෙනුම ලැබූ නමුත් පැවති දරුණු යුදමය වාතාවරණයත් සමඟ ජනතාව ගම්බිම් අත්හැර යාම නිසා දැන් එහි ඉගෙනුම ලබන්නේ, දරුවන් 245ක් වැනි ප්‍රමාණයක් වේ.

කොපමණ දුෂ්කරතා ඇති වුවත් නොසැලෙමින් අඩු පහසුකම් යටතේ වුවත් දිවා රෑ නොබලා කැපකිරීම් කරමින් මෙම ජයග්‍රහණය ඔවුන් ලබාගෙන ඇත.

ගලපිටගල දරුවන් අද සමස්ත ලංකා සංගීත සම්මානලාභීන් වුවත් ඔවුන්ට තවමත් ඇත්තේ, තත් හිර වෙන සර්පිනාවක් ,බොල් හඬ නැගෙන දවුලක් සහ තම්මැට්ටමක් පමණක් බව තවදුරටත් වාර්තා වේ.

Exit mobile version