සමහර පොලිස් ලොක්කෝ දඩාවතේ යද්දී තඹුත්තේගම පොලිස් වීරයා ජනතාවගෙන් උපහාර ලබයි.

 ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිලධාරීන්ගෙන් අපට දකින්නට තිබෙන්නේම විවිධ වැරදිමය. නමුත් පොලිස් දෙපර්තෙම්න්තුව තුල සැබෑම,  දක්ෂ වීරයන් සිටින බව අප නිරන්තරයෙන්ම සටහන් කරන අතර ඔවුන් දෙපාර්තමේන්තුවේ කොහේ හෝ මුල්ලකට විසික්කර දමා තිබේ . නමුත් සැබෑ දක්ෂයන් අවශ්‍ය වෙලාවට ඉස්මතුවෙමින් අනෙකුත් දූෂිත නිලධාරීන්ට පාඩමක් කියා දීමට ඔවුන් සමත්වන්නේ උසස් නිලධාරීන්ටද කිසිවක් කරගැනීමට නොහැකි ලෙසය.

අප කවුරුත් දන්නා තඹුත්තේගම කෝටි දෙකේ මංකොල්ලය වැලක්වුයේ එවන් පොලිස් නිලධාරියෙකි.ඔහු නමින් බුද්ධික කුමාරය. එයත් හරියට කොටහේනේ පොලිසියේ සාජන් මේජර් කොතලාවලගේ සිද්ධියට ආසන්න සිදුවීමකි. ඔහු ගැන කියවෙන විරුදු පන්තියක කොටසක් දැක්වේ

කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එමවිට
ඇතුන් මැදට වන් කෙසරෙක් සිංහ නාද කරන ලෙසට
දැනගල්ලා මෙතන ඉන්නෙ කොතලාවල කිව්ව කලට
තනියෙන්මයි අල්ලගත්තෙ විස්සක් අත්අඩංගුවට

සාජන් මේජර් කොතලාවල – 1897 දී උපත ලබා බන්ධනාගාරයේදී අභිරහස් ලෙස මිය ගොස් තිබේ 

තඹුත්තේගම පොලිස් නිලධාරියාට මේ වන විට දැවැන්ත ජනතා උපහාරයක් එකතුව තිබේ. එසේම උතුරුමැද පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුගේ නිවසටද ගිය අතර පොලිස්පතිවරයා මෙන්ම පොලිස් අමාත්‍ය ටිරාන් අලස් මහතාගේද ආශීර්වාදය එකතුකරමින් ඔහු උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමටත්, පොලිස් තෑගී මුදලක් ලබා දීමට මෙන්ම ඔහුගේ නිවසේ ඉතිරි කටයුතු සම්පූර්ණ කිරීමටත් අවධානය යොමුව තිබෙන බවද ප්‍රකාශ කරන ලදී. ඔහුට දැවැන්ත ජනතා ආශීර්වාදයක් ද ලැබී තිබෙන අතර දෙරණ රුපවාහිනි නාලිකාවේ ඒ පිලිබදව සදහන් වන එක වීඩියෝවක් තෝරාගෙන මතුපිට වීඩියෝවක් අප නිර්මාණය කල අතර එය පහතින් දැක්වේ.

දිනෙන් දින වැනසෙන පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානය ඉද හිත හෝ මෙවන් පොලිස් නිලධාරියෙක් ආරක්ෂා කලද බහුල වශයෙන්ම සිදුවන්නේ පොලිස් දෙපර්තමේන්තුව විනාශ කරන කටයුතුය. මෙවන් නිලධාරීන් මෙසේ වීරකම් කරද්දී  DIG රොහාන් ප්‍රේමරත්නට විරුද්ධව පවර තිබු ලක්ෂ 74 ක් පමණ වන මූල්‍ය වංචා නඩුව අසත්‍ය කරුණු මත ඉදිරිපත්කර තිබෙන බවට ඊයේ (27) කොළඹ අපරාධ කොඨිඨාශය අධිකරනයට දැනුම් දී තිබුණි. B/75416/01/22 දරන අංකය  යටතේ එම නඩුව පවර තිබුණි. එහිදී කියවුනේ B වාර්තාවේ සදහන් කරුණුවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලිය යුතු බවත් දෙපාර්තමේන්තු රෙගුලාසි සහ චක්‍රලේඛවලට අනුව ඉදිරිපත්කර තිබෙන සත්‍ය B වාර්තාවක්ද යන්න විමර්ශනය කිරීම මෙම විමර්ශනය යලි පවරා ගන්නා බවද කොළඹ අපරාධ කොඨිඨාශය දැනුම් දී තිබේ.

කෙසේ නමුත් මෙම විමර්ශනය පිලිබදව සම්පූර්ණ තොරතුරු අප සතුව තිබෙන අතර මෙම සිද්ධිය කෙතරම් දූශිතද යත් මෙම ලක්ෂ 74 සිද්ධිය පිලිබදව විමර්ශනය හේතුවෙන් සාමාන්‍ය පොලිස් නිලධාරීන් 13 දෙනෙකුට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක්ද පවරා තිබේ. පෑලියගොඩ පොලිසිය තුල සිදු වූ මෙම මුල සිද්ධිය පහත සබැදි ඔස්සේ ඔබට සම්පූර්ණයෙන්ම කියවිය හැකිය

මෙම ලක්ෂ 74 ක් වන මුදල නඩු භාණ්ඩ බවද, එම මුදල් උපයාගෙන තිබෙන්නේ නයිජීරියන් ජාතිකයන් හරහා බවද, එම ලිපිලේඛන සියල්ලම අධිකරණයට නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත්කර තිබියදී, මේ DIG ප්‍රේමරත්න බොරුවක් වංචාවක් කරමින් එම නඩු භාණ්ඩ නොහොත් නඩුවේ පදනමම සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙන්නේ නම් ඔහු දඬු කඳේ ගැසිය යුතුය. ඒ අන් කරුණක් නිසා නොව, අපරාධකරුවන්ට බේරී යාමට අවශ්‍ය කටයුතු සිදුකිරීම නිසා අසරණ පොලිස් නිලධාරින්ද 13 දෙනෙකු අමාරුවේ වැටීමට සැලැස්වීමත්, නියමිත ලෙස පරීක්ෂණ කල SSP ලෝරන්ස් මහතා එම තනතුරෙන් ඉවත් කර ඔවුන්ගේ යටතට බලය රැගෙන තිබීමත් නිසාය.    

.

https://www.ravanalankanews.lk/15178/09/%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%B8-%E0%B6%B4/15/15/

https://www.ravanalankanews.lk/11878/05/%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B7%84-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%B0%E0%B7%92/56/16/

https://www.ravanalankanews.lk/11783/05/%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BA/24/16/
Exit mobile version