සමාජයේ 70%ක් මිනිස්සු online පනත ගැන දන්නේ නැහැ! ශ්‍රීලංකාවේ online , social media පාලනයට ආණ්ඩුවෙන් සම්මත කළ පනත නිසා මොනවා වෙයිද?

Website ,facebook  whtsapp ,ඇතුළු මෙරට භාවිතා කරන සියලු app email online බිස්නස් සියල්ලම පාලනට යටත්!

මේ වන විට මෙරට පමණක් නොව ලෝකයේම කතා බහට ලක්වී ඇති ශ්‍රී ලංකාවේ  සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත(ඔන්ලයින් ) පිළිබඳ ගැසට් නිවේදනය අද (2) නිකුත් කර අවසන් .

මෙම පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේදී පසුගිය 24 වැනිදා සම්මත වු අතර  ඒ දින දෙකක විවාදයෙන් පසුවය.ඉන් පසු කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා එම පනත්  කෙටුම්පතට  ඊයේ (1) සහතිකය සටහන් කිරීමෙන් පසු බලාත්මක වුණා .

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහාද මාර්ගගතව කරනු ලබන තහනම් ප්‍රකාශ වලින් ආරක්ෂාව සැලසීම සඳහාද මාර්ග ගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිතා කිරීම වැළැක්වීම සඳහාද ශ්‍රී ලංකාවේ තහනම් කාර්ය සඳහා භාවිතා කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද තහනම් ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩ පැවැත්වීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසදවූ පනත් කෙටුම්පතක් බව  මෙහි සඳහන් වෙනවා.

කතානායක මහින්ද යාපා මහතා පනතට අත්සන් කළ අවස්ථාව

මේ වන විට  පනත බලාත්මක වෙලා ඉවරයි,හැබැයි අපටයි,ලෝකයටයි ගැටලු රැසක් ඉතිරි කරලා.

“‘වට්ස් ඇප්, ෆේස් බුක්, ගූගල් තීරණය කළොත් මේ කොන්දේසි වලට යටත් වෙලා සේවා සපයන්නේ නැහැ කියලා මොකද වෙන්නේ! ඒ පිළිබඳව ලොකු කතා බහක් සමාජයේ තිබෙනවා .

‘වෙනදා උසාවියෙන් ඉල්ලපු තොරතුරු පොලීසියට ඉල්ලන්න බලය දීලා.මේ තත්ත්වය ඉතා අහිතකර වේවි කියල බොහෝ දෙනෙකු පවසන්නේ එහි තිබෙන අනතුර දන්න නිසා!

පහත සදහන් දේවල් තමයි තහනම් වෙන්නේ”

සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතනාන්විතවම නින්දා කිරීම

කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම

හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම

ළමා අපයෝජන

වරදක් සිදු කිරීම සඳහා ‘බොට්’ සෑදීම හෝ අවභාවිතා කිරීම

කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම

මේවා අතර සමාජයට ඉතා වැදගත් දේවල් තිබෙනවා.හැබැයි හරියට භාවිතා කළොත්

දඬුවම් මොනවා ද?

මෙම පනත යටතේ ගැනෙන වරදක් සිදුකර ඇති පුද්ගලයකු බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කිරීම සහ එම දඬුවම් දෙකටම යටත් කිරිමේ හැකියාව පවතියි.

මෙම පනතට විරෝධය දක්වන පාර්ශව මතුකරන කාරණයක් වන්නේ මෙම පනත් කෙටුම්පත හරහා ඔන්ලයින් මගින් සේවා සපයන්නන්හට දඬුවම් කිරිමේ හැකියාවක් පවතින අතර, එමඟින් සේවා සැපයිම අඩාලවීමේ අවදානමක් පවතිය.

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා ව්‍යපාරවල නිරත පුදගලයන් හට ද මෙම පනත හරහා ගැටලු ඇතිවීමේ ඉඩ පවතින බව විචාරකයින් මතුකරන තවත් කාරණයකි.

අදාළ කොමිසමේ සියලු සාමාජිකයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවීම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන තවත් කරුණක් බවද මෙම කෙටුම්පතට විරෝධය දක්වන පාර්ශව පෙන්වා දෙන තවත් කරුණකි.

මෙම කොමිසමට ප්‍රකාශවල සත්‍යාසත්‍යතාව තීරණය කිරීමට ඉඩ ලබාදීම හරහා භාෂණයේ හා ප්‍රකාශයේ නිදහසට බලපෑම් සිදුවීමේ ඉඩක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔවුහූ පෙන්වා දෙති.

සමාජ මාධ්‍ය  social media ළමයින්ට කරන හානිය ඇමරිකානු සෙනට් සභාවත් උණුසුම් කරයි !

 Social  media  වලින් ළමයින්ට වන හානිය වෙනුවෙන් ‌ෆේස්බුක් (මෙටා) හිමිකරු සකර්බර්ග් අමෙරිකානු සෙනෙට් සභාවේදී මව්වරුන්ගෙන් සමාව ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

  ඒ Meta හිමිකරු Mark Zuckerberg ඇතුළු සමාජ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැඳවා
සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට සිදුවන හානිය පිළිබදව කරුණු දැක්වු අවස්ථාවේදී ය.

එහිදී Meta ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

මේ සඳහා Mark Zuckerberg ට අමතරව TikTok, Snap, X (Twitter) සහ Discord යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සහභාගී වී ඇත

පැය 4කට අධික කාලයක් ඔවුන් කරුණු දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා සමාජ මාධ්‍ය හේතුවෙන් පීඩාවට පත් වූ දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් ද පැමිණ තිබේ.

මෙහිදී Meta ප්‍රධාන විධායක Mark Zuckerberg සහ TikTok හි ප්‍රධාන විධායක නිලධාරී Shou Zi Chew ස්වේච්ඡාවෙන් සාක්ෂි දීමට එකඟ වී තිබුණි.

නමුත් අනෙකුත් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

ජූලි චංන්ග් නෝනත් විරුද්ධයි 

තත්ත්වය එසේ තිබියදී   පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය කනස්සල්ලෙන් පසු වන බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චං සඳහන් කරයි.

මෙම පනතෙන් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට බාධාවක් බාධාවක් බවත් පවසන ඇය නවෝත්පාදනයට හා පෞද්ගලිකත්වයට ද බාධාවක් වී ඇතැයි කියා සිටී.

විනිවිද භාවයකින් තොරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සකස් කර ඇති බවත් එය සකස් කිරීමේදී සියවැල් සමාජ ක්‍රියාකාරීන් හෝ තාක්ෂණික සමාගම් නියෝජනයක් වී නැති බවද ඇය පෙන්වා දෙයි.

මෙම කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් සියයට හැත්තෑවකට වැඩි පිරිසක් කිසිදු දැනුවත් බවක් නැති බවද පෙන්වා දෙන ඇය ගෝලීය වශයෙන් විශාල සමාගම් වන ගූගල් මෙටා ෆේස්බුක් වැනි ආයතන ඇතුළත් සන්ධානයක් විසින් ප්‍රකාශයට පත්කර ඇත්තේ මෙම පනත ක්‍රියාවට නැංවිය නොහැකි පනතක් බව යැයි ද ඇය පෙන්වා දුන්නාය.

එම පනතෙන් අරමුණු කරන අන්තර්ජාල අපරාධ වැළැක්වීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී මතවාද ආක්‍රමණය කිරීමක් ලෙස සැලකිය හැකි බවද ඇය තවදුරටත් කියා සිටියාය.

කොළඹදී පැවැති උත්සවයක් අමතමින් ඇය මෙම අදහස් පළ කර ඇත .

අදහස් ප්‍රකාශ කිරීමට බාධාවක් බැවින් හා මානව හිමිකම්වලට ඍණාත්මක බලපෑමක් එල්ල වන නිසා  ඔන්ලයින් පනත සංශෝධනය කිරීම ගැන යළි සලකා බලන ලෙස  ජිනීවා මානව හිමිකම් කොමිසම ආණ්ඩුවට දැනුම්දීමක් කර තිබේ .

සරත් සමරනායක

Exit mobile version