පෙරේදා (01) දින පස්වරුවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මනූෂ නානායක්කාර සහ යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතයින් සමග පැවති හමුවකදී පැවසුවේ මෙරට සියලුම ශ්‍රමිකයන් ආවරණය වන පරිදි ‘ සමාජ ආරක්ෂණ ක්‍රමයක් ‘ හදුන්වාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් මාස හයක කාලයේදී එම වැඩපිළිවෙළ සකස් කරන බවයි.
වාර්තා වන ආකාරයට ඉදිරියේදී ගෙන ඒමට නියමිත ‘ රැකි රක්ෂා පනත ‘ මගින් රැකියාවක් සිදුකිරීමේදී ලිංගිකත්වය පදනම් කරගෙන වෙනස්කොට සැලකීම් නවතා දැමීමට හැකි පරිදි නව නීති ගෙන එන බවටද ඔහු ප්‍රකාශ කර තිබේ.
දැනට රජය විසින් ශ්‍රමිකයන්ගේ සමාජ සුරක්ෂිතභාවය සහ ඔවුන්ගේ තත්ත්වය උසස් කිරීමට අදාළව සියලු පාර්ශවයන්ගෙන් අදහස් ලබා ගන්නා බවද ඔහු සදහන් කර තිබේ.
පාර්ලිමේන්තුවේ යුරෝපා නියෝජිතයන් සහ ඇමති මනූෂ නානායක්කාර අතර මෙරටට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්චා කර තිබේ.
එහිදී මෙරටට ජී.එස්.පී. ප්ලස් සහන අඛණ්ඩව ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුවිය.රැකී රක්ෂා පනත ගෙන ඒම මගින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඉදිරිපත් කර ඇති සම්මුතීන් රැසක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමිවන බවද ඇමතිවරයා අදාළ නියෝජිතයන්ට එහිදී පෙන්වා දී තිබේ.