සමාජ මාධ්‍ය කැළඹූ මේජර් ජෙනරාල් හමුදා උසාවියට. සාක්ෂිකරුවන්ට බලපෑම්.

දූෂණ චෝදනා රැසකට  හිමිකම් කියන මේජර් ජෙනරාල් මෙත්තානන්ද සහ අණදෙන නිලධාරීන් මේජර් ප්‍රසන්න වන්නිආරච්චි පිළිබඳ  වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස  ජනාධිපති මෙන්ම සාගල රත්නායක යුධ හමුදාපතිට දැනුම් දීමෙන් අනතුරුව ඉන් එක් දූෂිතයකු බවට සැකකරන මේජර් ජෙනරාල් මෙත්තානන්ද  හමුදා අධිකරණයට පමුණුවා ඇත. ඒ අනුව  කීර්තිමත් නිලධාරියෙකු වන අාරක්ෂක සේනා මූලස්ථානය බටහිර ආඥාපති මේජර් ජෙනරාල්  දීපාල්  පුස්සැල්ලගේ  සභාපතිත්වයෙන්  බ්‍රිගේඩියර් වරුන් දෙදෙනෙකු ඇතුළු කර්නල් වරුන්  හතර දෙනෙකුගෙන් යුත් මූලික පරීක්ෂණ උසාවියක් නම් කර ඇති අතර ජනවාරි  9 සඳුදා  වන (අද) දින උදෑසන 09.00 ට නඩු විභාගය ආරම්භ කල බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙහිදී මෙම මේජර් ජනරාල් වරයාට එරෙහිව  ගොනුවී ඇති චෝදනා 30කට ආසන්න ප්‍රමාණයක්  විභාගයට  ගනු ලැබුවේය. මේ අතර රාජ්‍ය  භාණ්ඩ අවභාවිතා කරමින් සෙබළුන්ගේ ආහාර ද්‍රව්‍ය පෞද්ගලික සාද සඳහා ලබා ගැනීම, රජයේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් තම බිරිඳ වන රුවිනි මෙත්තානන්ද සේවය කරන ලංකා ටයිල් ආයතනයෙන් දෝෂ සහිත ටයිල් මිලදී ගැනීම, උක්ත ටයිල්  මිලදී ගැනීම සඳහා හමුදා මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීම, රාජ්‍ය සේවකයන් පෞද්ගලික  මෙහෙකාර සේවයේ යෙදවීම, හමුදා සුභ සාධක වෙළඳසැල සැපයුම්කරුවන්ගෙන් කප්පම් ලබා ගැනීම, හමුදා ගොවිපල වල  නිෂ්පාදන මුදල් නොදී ලබා ගැනීම, තමා බලකාධිපතිවූ  පසු තනතුරක්  ලබාදීමට කාන්තා නිලධාරිනියකගේන් ලිංගික අල්ලස්  ඉල්ලීම, කාන්තා සෙබලියන් විශේෂයෙන් ක්‍රීඩා සඳහා හමුදාවට එක්වන තරුණියන්  ලිංගික අපයෝජනයට ලක් කිරීම,  රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ තීන්දු තීරණ  අනියම් පෙම්වතියක්වන විශ්‍රාමික සැරයන් මේජර් නාලිකා  හට පැවසීම සහ ඇගේ අභිමතය පරිදි  එම තීන්දු තීරණ වෙනස් කිරීම, හමුදා සාමාජිකයන් පරුෂ වචනයෙන් ඇමතීම, විනාඩි 40 ක කාලයක් නිලධාරීන් සෙබළ සෙබළියන් 280ක් ගිගුරුම් සහිත වැස්සෙහි සිටුවා වෛරී ප්‍රකාශ කිරීම, තම මැදිහත්වීමෙන් අල්ල කන්තලේ කුඹුරු වංචාව යට ගැසීමට කටයුතු කිරීම, හමුදා මුලස්ථානයේ අවසරයකින් තොරව දේශපාලනඥයින්  කදවුර තුළට ගෙන්වා රජයෙන් සෙබලුන් හට හිමි ගන්නා ඇති ආහාර අවභාවිතා කරමින් ඔවුන් හට ප්‍රිය සම්භාෂණ පැවැත්වීම  සහ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම මේ අතර සුවිශේෂී වන බවද එම සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම මේජර් ජෙනරාල්  මෙත්තානන්ද   සහ අණදෙන නිලධාරි බලකාධිපති  සහ  අණදෙන නිලධාරී   තනතුරු වල බලය පාවිච්චි කරමින් සාක්ෂිකරුවන් බිය  ගන්වමින්  ලිපි ලේඛන වෙනස් කරමින් සාක්ෂි වසන් කරමින් සිටින අතර  මොවුන් මෙම තනතුරුවල  තවදුරටත්  හිඳුවා කරන පරීක්ෂණ  ප්‍රතිඵලදායි නොවන බව ද එම වාර්තා සදහන කරයි.

රජයෙන් සෙබළුන්හට හිමිගන්වා තිබූ  ආහාර ද්‍රව්‍ය  ඔවුනට ලබා නොදී  සාදයක් සඳහා සඟවා තබා සිටියදී අත්අඩංගුවට පත්වූ අණදෙන නිලධාරී වරයෙකු වන මේජර් ප්‍රසන්න වන්නිආරච්චි දින 14 ක කාලසීමාවක් සිරගතවී සිට නිදහස්වී චෝදනා පත්‍ර ලබා සිටියදීත් ඔහු නැවතත් අණදෙන නිලධාරි පුටුවෙ හිදුවීමට  පිඹුරු පත් සකස් කරන්නේ මීට පෙර මෙම නිලධාරිවරයා යුද හමුදාපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවයේ යෙදී සිටි  නිසා බව කලකිරීමට පත්වූ සොල්දාදුවන සේනාධිනායක  රනිල් වික්‍රමසිංහට ලිපියක්  මගින්ද දැනුම්දී තිබේ. මෙම නිලධාරීවරයා අත්අඩංගුවෙන් නිදහස් වී පැමිණි විගස හමුදා මූලස්ථානයේ නියෝග කඩ කරමින් නැවතත් අණදෙන නිලධාරී පුටුවෙ  වාඩිවී ඇත්තේ සෙබළුන්ගේ මුදල් සහ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පිළිගැනීමේ තේ පැන් සංග්‍රහයක්  භුක්ති විඳීමෙන් අනතුරුව බවද කියවේ. කෙසේ වෙතත් සොල්දාදුවන් ජනාධිපතිට දැනුම් දීමෙන් අනතුරුව  ඔහුව නැවතත් රෙජිමේන්තු මධ්‍යස්ථානයට අනුක්ත කර තිබෙන බවද එම වාර්තා සදහන් කරයි.

කෙසේ වෙතත් අප මීට පෙරද මෙම සිදුවීමේ මුල් පුවතින් සිද්ධිය අනාවරණය කර තිබේ. එසේම එම පුවත මගින්ම එහි වරදක් තිබේ නම් එයද දැනුම් දෙන ලෙස එම පුවතෙහි පහලින් සදහන් කර තිබේ. නමුත් එවැනි දැනුම් දීමක් සිදුකර නැත. කෙසේ නිල ඇදුමේ සිට කවුරුන් හෝ දූෂණයක් සිදුකරන්නේ නම් ඔවුන් හමුදා නිල ඇදුමට සුදුස්සෝ නොවේ. ඔවුන් හමුදා සේවයෙන් පලවා හැරිය යුත්තේ “ තව දුරටත් සේවය අවශ්‍ය නොවේ” (SLNR) යන ශීර්ෂයෙනි.

Exit mobile version