සමාජ රෝග ව්‍යාප්තිය ඉහළට.

HIV ආසාදිතයින් පසුගිය වසරට සාපේක්ෂව සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් පෙන්වා දී ඇත.

ඔවුන් පෙන්වා දෙන පරිදි පසුගිය වසරේ ගත වූ මාස 09ට සාපේක්ෂව මෙම වසරේ ගෙවීගිය මාස 09ක කාලය තුලදී වාර්තා වී ඇති HIV ආසදිතයින් සංඛ්‍යාව සාපේක්ෂව වැඩි වේගයකින් ඉහල ගොස් ඇත.

ඒ අනුව පසුගිය වසරේ ගෙවී ගිය මාස 09 කාලය තුල HIV ආසාදිතයින් 410ක් වාර්තා වූ බවත් මෙම වසරේ ගත වූ මාස 09 තුලදී ආසාදිතයින් 429ක් වාර්තා වී ඇති බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි සදහන් කළේය.

Exit mobile version