රක්වාන, අටකලන් කෝරළේ විවිධ සේවා නිලවරණය තුල සමූපකාර සමිතියට නව කාරක සභිකයන් පත් කර ගැනීමේ නිලවරණය අද (14) පැවැත් වුණා. රක්වාන මැතිවරණ බලප්‍රදේශයේ, අටකලන් කෝරලයේ සමූපකාර සමිති 23 කදී මෙම නිලවරණය පැවතුණා. එසේම බොහෝ ස්ථානවල කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකර මෙම නිලවරණය පවත්වා තිබේ.
එසේම, ස්ථාන කිහිපයකම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් නොපැවැත්වූ බව ද වාර්තා වේ. බොහෝ ස්ථානවල සාමාජිකයන්ට තම ඡන්දය ලබා දීමට නොහැකිව තිබේ. රිදීවිට ප්‍රාදේශිකය තුලද සාමාජිකයන් 40 කට පමණ තම මනාපය ප්‍රකාශ කිරීමට ඇති අවස්තාව ලැබී නැත.
මේ අතර අම්බැවිල ප්‍රාදේශිකයට අයත් නිලවරණය අම්බැවිල ශ්‍රී වජිරවංශ විහාරස්තානයේදී පැවති අතර එහිදී පොදුජන පෙරමුණේ අධාරකරුවන් සහ එක්ෂත් ජාතික පක්ෂ අධාරකරුවන් අතර ගැටුමක් පවා ඇතිවීමට ගොස් තිබේ. සමූපකාර නිලධාරීන්ද විවිධ අවස්තාවල විවිධ ප්‍රකාශ නිකුත් කර තිබේ. එහිදී සමූපකාර නිලධාරීන්ද රාජකාරිය නිසි ලෙස ඉටු කරන බවක් දක්නට නැත. ඒ හේතුවෙන් විශාල ජනතාවකට තම ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිව තිබීම හේතුවෙන් එක්ෂත් ජාතික පක්ෂයට අයත් කණ්ඩායම සහ තවත් කණ්ඩායමක් නිලවරණයට ඉදිරිපත් නොවී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ. එසේම රිදීවිට ප්‍රාදේශිකයේ සහ ස්ථාන කිහිපයක විවිධ සිදුවීම් වාර්තා වන අතර තවත් ස්ථාන කිහිපයක ඉතාම සාමකාමී ලෙස එම නිලවරණය පවත්වා තිබේ.
මෙම නිලවරණය පිලිබඳව නිරීක්ෂණය සදහා ප්‍රධාන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන්ද එම ස්ථාන වෙත ගොස් සිටි බව අප වාර්තාකරුවන් පැවසීය. එසේම අම්බැවිල ප්‍රාදේශිකය වෙනුවෙන් නිලවරණ මධ්‍යස්ථානය විහාරස්ථානයක පැවතුනද, එක්තරා දේශපාලන පක්ෂයකට අයත් අධාරකරුවන් පිරිසක් බීමත්ව පැමිණ ආරවුල් ඇති කරගැනීමටද උත්සාහ කර තිබේ. නියමිත නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමණය නොකර මෙම නිලවරණය පැවැත්වීම පළාත් සමූපකාර දෙපාර්තමේන්තුව මගින් සිදු කල යුතු වුවත් එසේ නොකිරීමෙන් කොවිඩ් අවදානම්ක්ද ඇති විය හැකිය.
එසේම සාමාජික ලැයිස්තුව තුල තිබෙන සාමාජික අංකවලද වෙනස්කම් තිබී ඇත. කෙසේ වුවද පොදුජන පෙරමුණේ සංවිධාන ශක්තියේ තිබෙන ශක්තිමත් බව හේතුවෙන් සහ අනෙකුත් පක්ෂවල තිබෙන නිද්‍රාශීලී බව සහ සංවිධාන ශක්තියේ ඇති දුර්වලකම හේතුවෙන් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබේ.
සංස්කාරක සටහන
සමූපකාර සමිතීන් යනු දේශපාලන දර්ශනයක් ස්ථාපිත නොවූ ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් ස්ථාපිත ආයතනයක් වුවද , ජනතාවගේ නොදැනුවත්කම හේතුවෙන් එම ආයතනද දේශපාලනීකරණය වී තිබෙන බව දක්නට තිබේ. කරුණු කෙසේ වුවද මෙම සමිතිද දේශපාලනීකරණය වීමෙන් ග්‍රාමීය ජනතාවට ලබා දිය හැකි කිසිදු පහසුකමක් නොලැබී යාමද විශේෂත්වයක් වන අතර සමූපකාරය ස්ථාපනය කිරීමේ මූලික පරමාර්තයවත් ඉටු නොවන ස්ථානයක් බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි. කොවිඩ් සමග බිද වැටුණු ජන ජීවිත නගා සිටුවීම සදහා විශාල වැඩ කොටසක් කිරීමට මෙම සමූපකාර සමිති හරහා හැකියාව තිබුනද, උගත්, දක්ෂ සහ දැක්මක් ඇති නිලදාරීන් මේවායේ පාලනය සදහා පත් නොකිරීම හේතුවෙන් සමූපකාර සමිති පමණක් නොව සමූපකාර තොග වෙළද සංස්ථාවද දිනෙන් දින මහජන මුදල් නාස්ති කරන ආයතනයක් බවට පත්ව තිබේ.