ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 368ක් ලෙසටය.
එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 360කි.
මේ අතර සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 8කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456කි.
එසේම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468කි.