සයිනොෆාම් එන්නත් ලබාගත් අයට 03වන මාත්‍රාවක් අවශ්‍ය ද?

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත්කරමින් පෙන්වා දී ඇත්තේ සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට යෝජනා කරන බවයි.

එම තුන්වන මාත්‍රාව වශයෙන් ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබා දීමටද එම සංගමය විසින් යෝජනා කර ඇත.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් එම නිවේදනයේ දක්වා තිබු අතර එහිදී වයස අවුරුදු 18ත් 60ත් අතර පුද්ගලයින්, වයස අවුරුදු 12ත් 18ත් අතර ළමුන්, ස්පුට්නික් V එන්නත් මාත්‍රා ලබාගත් පුද්ගලයින් සහ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීම ආදි කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡාකර තිබුණි.

එම නිවේදනය,

Exit mobile version