40%ක වැටුප් වැඩි වීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සියලු කාර්ය මණ්ඩල මෙම මස 27 සහ 28 යන දිනවල සංකේත වර්ජනයක නිරත වන බව වාර්තා වේ.
දෙදහස් දහසය වසරේ රාජ්‍ය සේවයේ සිදු කරන ලද වැටුප් සංශෝධනයේ දී විශ්වවිද්‍යාල ක්ෂේත්රයට අහිමි වූ 15%ක වැටුප් ප්‍රතිශතය ලබා ගැනීම, විශ්වවිද්‍යාලවල අධ්‍යයන අනධ්‍යයන සියලු පුරප්පාඩු පිරවීම, විශ්වවිද්‍යාල සේවක අර්ථ සාධක සහ විශ්‍රාම වැටුප් අරමුදල ආරක්ෂා කිරීම ද ඔවුන්ගේ ඉල්ලීම් අතර වෙයි.
මෙම ඉල්ලීම් මුල්කර ගනිමින් පසුගිය ජනවාරි මස 18 වැනිදා ද මෙම කාර්ය මණ්ඩල සංකේත වර්ජනයක නිරත වූහ. වැටුප් අහිමි වීමට අදාළ කමිටු වාර්තාව පදනම් කර ගනිමින් කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇතැයි මේ සම්බන්ධයෙන් කරුණු දක්වන අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මෙම සංදේශය පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට අපේක්ෂා කරන බවත් ඉදිරි ආසන්නතම කාලසීමාවේ දී ඊට අදාළ කැබිනට් මණ්ඩල තීරණය ලැබුණු පසුව අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.