වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණීයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ඔක්තෝම්බර් මාසය වන විට අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බැවින් බොහෝදුරට විශ්වවිද්‍යාල නොවැම්බර් මාසය වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා ඇත්තේ.
එමෙන්ම ඒ මහතා විසින් මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමේ දී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා සිටිය යුතු ද යන්න තවමත් සාකච්ඡා කර තීරණයක් ගෙන නොමැති බවය.
2020 වර්ෂයේ උසස් පෙළ හදාරා මේ වන විට විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු බලාපොරොත්තුවෙන් ඉන්න දරුවන්ට ඔක්තෝම්බර් මාසයේ දෙවන සතිය පමණ වන විට නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වන බවත් විශ්වවිද්‍යාල සඳහා මෙවර සිසුන් 42,000ක් පමණ බඳවා ගැනීමට නියමිත බවත් මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා ඇත.