සරසවි සිසුවෙක් මරුට.

සරසවි සිසුවෙක් අවාසනාවන්ත අනතුරකට මුහුණදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

යාපනය සරසවියේ කලා අංශයෙන් පළමු වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 22 හැවිරිදි රමේෂ් සගින්දන් නමැති යාපනය මානිපායි ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් මෙලෙස මියගොස් තිබේ.

ඔහු ඊයේ (21) අලුයම නිර්වේලි ප්‍රදේශය දක්වා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී සුනඛයෙකු යතුරුපැදියට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.

එහිදී බරපතළ තුවාල ලද එම සිසුවා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට පොලීසිය පවසයි.

Exit mobile version