සර්ජිඕ මැටරෙලා යළිත් ඉතාලි ජනපති ධූරයට

ඉතාලි ජනාධිපති සර්ජිඕ මැටරෙලා දෙවන ධූර කාලය සඳහා තේරී පත්ව ඇත.

එසේ යළි තේරීපත්වන ලද්දේ ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී ඡන්ද 759ක් ලබා ගනිමිනි.

නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම සඳහා වූ මෙම පාර්ලිමේන්තු ඡන්ද විමසීම දින 06ක් පුරාවට අදියර 08ක් යටතේ පවත්වා ඇත.

මෙම ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කිරීමට අපේක්ෂකයන් විසින් ලබා ගත යුතු ඡන්ද සංඛ්‍යාව 505ක් වන අතර ඡන්ද විමසීමේ අවසන් වටයේදී නීති සම්පාදකයින් සහ ප්‍රාදේශීය නියෝජිතයින් දහසකට වැඩි පිරිසක් ජනපති තෝරාපත් කරගැනීම වෙනුවෙන් ඡන්දය භාවිතා කර ඇත.

ඒ අනුව මෙම ඡන්ද විමසීමෙන් වත්මන් ජනාධිපති සර්ජිඕ මැටරෙලා ඡන්ද 759ක් ලබාගනිමින් ජයග්‍රහණය කර ඇත.

Exit mobile version