සහකාර පොලිස් අධිකාරීවරයාගේ බිරිඳත් එකම පුතුත් කොවිඩ් රකුසා බිලිගනී.

පොලිස් ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන සහකාර පොලිස් අධිකාරී ටිරෝන් සිල්වා මහතාගේ බිරිඳ සහ තම එකම පුතු කොවිඩ් රෝගයට ගොදුරුවීමෙන් මියගිය බවට කණගාටුදායක සිදුවීමක් වාර්තාවෙයි.

මේ වන විටත් සහකාර පොලිස් අධිකාරීවරයා ද කොවිඩ් ආසාදිතව කුණ්ඩසාලේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ බිරිඳ මියගොස් ඇත්තේ පසුගිය සතියේ ය.

ඔහුගේ පුත්‍රයාද කොවිඩ් ආසාදනයෙන් පසු කොතලාවල ආරක්ෂක විද්‍යා රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

එසේම ඔහුගේ පවුලේ තවත් කිහිප දෙනෙකු මේ වන විට රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබන බවයි පොලිස් ආරංචි මාර්ග පවසා ඇත්තේ.

Exit mobile version