සහල් රැගත් ලොරි රථයක් නුවරඑළිය සිට බදුල්ල දක්වා ධාවනය වූ අතරේදී හග්ගල ප්‍රදේශයේ දී අඩි 50ක් පමණ වන ප්‍රපාතයකට පෙරළී ඇත.
නුවරඑළිය පොලිසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ ගමන් ගත් රිය සහයක තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කළ බවයි.
මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (05) සවස 04.00ට පමණ නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානයට පහළින් පිහිටි ලොකු වංගුව ආසන්නයේ දීය.
පොලිසිය සඳහන් කළේ ලොරි රථය පෙරළීමෙන් නිවසකට ද දැඩි අලාභහානි සිදුව ඇති අතර එම අවස්ථාවේ නිවස තුළ කිසිවෙකු නොසිටීම නිසා විශාල අනතුරක් සිදුවීම වැළකී ඇති බවයි.
මෙම ප්‍රදේශය අනතුරු බහුල වශයෙන් සිදුව ඇති ප්‍රදේශයක් බවත් එම මාර්ගයට රථ වාහන ධාවනයට වේග සීමාවන් පනවන ලෙසත් හග්ගල ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි.
මෙම අනතුරින් ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර අනතුරට හේතුව ධාවනය වෙමින් පැවති ලොරි රථයේ හදිසියේ හටගත් කාර්මික දෝෂයක් බවට පොලිසිය සැක පහළ කරයි.