විශේෂයෙන් පාසැල් ආපන ශාලාවල පාන් පිටි, පැණි බීම ආශ්රිත පරිභෝජනය තහනම් කර සහල් පිටි ආශ්රිත ආහාර භාවිතය ඉහළ නැංවීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට යෝජනාවක් අනුව කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.
ඊයේ (4) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්චාවකදී ගත් මෙම තීරණයට එහි පැමිණ සිටි සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශ වල නිලධාරීන්ද සහය දක්වා තිබේ. එම සාකච්චාවේදී මෙම වැඩ පිළිවෙල සියලුම රාජ්‍ය ආයතන වල ඇති ආපන ශාලාතුල ආරම්භ කිරීමට අවධානය යොමු කොට තිබේ.