සහල් මිල සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ඊයේ (29) දිනයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එහිදී සහල් සඳහා උපරිම මිලක් නියම කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය අවලංගු  කිරීමට අදාළව මෙම නව ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

මහා පරිමාන සහල් මෝල් හිමියන් විසින් තීරණය කරන ලද මිලයන්ට අනුව ඊයේ දිනයේ දී පිටකොටුවේ ඇතැම් තොග වෙළෙඳුන් වෙත සහල් තොග ලැබී ඇති අතර සහල් මිල පාලනය ඉවත් කිරීම හේතුවෙන් සහල් මෝල් හිමියන් විසින් ප්‍රකාශයට පත්කරන ලද මිල ගණන්වල ගැටලු පවතින බවයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

මෙලෙස සහල් මිල පාලනයෙන් රජය ඉවත් වීම ගැටලු රාශියක් ඇතිවිය හැකි තත්ත්වයකි.සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කර ඇත්තේ සහල් මිල තිරණය කිරීම සහල් ව්‍යාපාරිකයින් විසින් සිදුකරන්නේ නම් විෂය භාර අමාත්‍යවරුන් වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

Exit mobile version