මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගේ සංගමය විසින් නාඩු සහල්, සම්බා සහල් සහ කීරි සම්බා යන සහල් වර්ග කිහිපයේ නව සිල්ලර මිල ගණන් නිවේදනය කිරීමට පියවර ගෙන ඇති අතර , ඒ අනුව නව මිල ගණන් වන්නේ නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රු.115.00ක් ,සම්බා සහල් කිලෝවක් රු.140.00ක් සහ කීරි සම්බා කිලෝවක් රු.165කටත් අලෙවි කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඊයේ (27) පැවති කැබිනට් මණ්ඩල තීරණවලට අනුව සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල සහ තොග මිල ගණන්වලට අදාළ ගැසට් නිවේදනය අවලංගු කර ඇත.
එමෙන් ම මහා පරිමාණ සහල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ නාඩු වී රු.62.50 කට ,සම්බා වී රු.70.00කට සහ කීරි සම්බා වී රු.80.00කට යන මිල ගණන් යටතේ මිල දී ගැනීමට තීරණය කර ඇති බවයි.