සහෝදර මංකොල්ලයක්.

වයස අවුරුදු 16ත් 25 අතරේ පසුවන ඉමදුව-අගුළුගග ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු විසින් බරපතල ගණයේ මංකොල්ලකෑම් රැසක් සිදු කල බවට අනාවරණය වීම හේතුවෙන් අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවුයේ අංක තහඩු නොමැතිව ධාවනය වූ යතුරුපැදියක් පරික්ෂා කිරීමට රාජකාරියේ නිරතව සිටි පොලිස්නිලධාරීන් දෙදෙනෙකු කටයුතු කල අවස්ථාවේදීය.

මොවුන් පැමිණි ඒ යතුරුපැදියද සොරකම් කල එකක් බවත් ඉකුත් 18 වැනිදා පස්වරුවේ අකුරැස්ස-බංගම පාරේ ස්වර්ණාභරණ අලෙවිසැලකට ඇතුළු වී ලක්ෂ 8 වටිනා රත්‍රන් මාල පෙට්ටියක් එහි සිටි කලමනාකරුවන්ගේ මුහුණට මිරිස් කුඩු ගසා පලා ගිය පුද්ගලයන්ද මොවුන්ම බව  පොලිසිය පවසන ලදී.

මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක්ද සොයාගන්නා ලදී.නමුත් මේ සියලු සිද්ධීන් පිළිබද අකුරැස්ස පොලිසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව පවසන ලදී,

Exit mobile version