ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සුපිරි පාපන්දු ක්‍රීඩකයා සිරගෙට.

කාන්තාවකට ලිංගික අතවර කළ බවට වැරදිකරු වූ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක ඩැනී අල්වේස් ව සිරගත කර ඇති බව වාර්තා වේ.

2022 වසරේදී බාසිලෝනා නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී අල්වේස් විසින් කාන්තාවකට අතවර කළ බවට චෝදනා එල්ලවූ අතර ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කළේය.

එම සිදුවීම දෙදෙනාගේ කැමැත්තෙන් සිදුවූවක් බවට අල්වේස් පවසා තිබේ.

නමුත් එය පිළිනොගත් අධිකරණය ඔහුට එරෙහිව වසර 4 1/2ක සිර දඬුවමක් දුන් අතර වින්දිත කාන්තාවට ඩොලර් 163,000ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

Exit mobile version