දැඩි චෝදනා මැද පොලිස්පතිවරයා ලෙස දේශබන්දු පත්කරයි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබේ.

ව්‍යවස්ථා දායක සභාවේ සාමාජිකයන් හතර දෙනෙක් පක්ෂව මෙම නිර්දේශයට ඡන්දය දුන් අතර, මන්ත්‍රීවරු දෙදෙනෙක් විරුද්ධව ඡන්දය දුන් අතර දෙදෙනෙක් නොපැමිණ සිටියහ.

අගමැති දිනේෂ් ගුණවර්ධන, ඇමති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ අනුලා විජේසුන්දර මෙම පත්කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබුර් හෂීම් විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

ආචාර්ය ප්‍රතාප් රාමනුජම් සහ වෛද්‍ය දිනේෂ් සමරරත්න පැමිණ සිටියේ නැති අතර ඔවුන් නොපැමිණි නමුත් ඔවුන් පත්වීමට විරුද්ධ වූ බව සැළකේ.

එසේම දේශබන්ධු තෙන්නකෝන් මහතාට එරෙහිව විවිධ චෝදනා ගණනාවක්ම එල්ලව තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාවලියන් පිළිබඳව දැඩි චෝදනා එල්ලාව තිබුනත් නිසි අධිකරණයකින් වැරදිකරුවෙක් බවට පත්කිරීමට අපොහොසත්ව තිබෙන බව අප මීට පෙර වාර්තා කර තිබේ.

එසේම ඔහු පොලිස්පතිවරයා ලෙස පත්වුවහොත් වැඩකළ යුත්තේ කෙසේද යන්නද අප මීට පෙරම වාර්තා කර තිබේ. ඒ අනුව පොලිස්පපති තනතුර මැනවින් කළමනාකරණය නොවීම, පුජිත් ජයසුන්දර මහතාට වුවා සේ සිපිරිගෙදරට යාමකින් අවසන්විය හැකි බවත්, ඔහු දේශපාලන බිල්ලක් බවට පත්විය හැකි බව අප නැවත වරක් අවධාරණය කරන්නෙමු. එය අප මීට පෙරම වාර්තා කර තිබේ.

ඒ අනුව දේශපාලන බිල්ලකට හසු නොවී ඔහුගේ කටයුතු මෙතැන් සිට බුද්ධිමත්ව කටයුතු කිරීමට හැකි වේවා යයිද, දැනට එල්ලවෙන චෝදනාවලට බුද්ධිමත්ව කටයුතුකරමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වැටී තිබෙන ස්ථානයෙන් ගොඩට ගැනීමට හැකි වේවා යන්න අප ප්‍රාර්ථනා කරන්නෙමු.

එසේම මෙම පත්කිරීමට එරෙහිව ජාත්‍යන්තරව එල්ලවීමට ඉඩ තිබෙන බලපෑම්වලින් ශ්‍රී ලාංකික ජනතාවට අගතියක් සිදුනොවීමටද, ඔවුන් ආරක්ෂාවන ආකාරයට කටයුතු කිරීමට එම නව තනතුර භාවිතා කල යුතු බවටද අප අවධාරණය කරන්නෙමු

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත්වීම කළයුතුව තිබේ.

https://www.ravanalankanews.lk/if-you-want-to-eliminate-the-underworld-you-need-to-build-both-provinces-deshabandu-tennakon/

Exit mobile version