ස්ථීර ලෙසම මැතිවරණය කල් යන්නේ මෙහෙමයි.

මේ වන විට ජනතාව කතා කරන මාතෘකා අතර ඉහලින්ම තිබෙන්නේ යෝජිත පළාත් පාලන මැතිවරණයයි. ඉන් අනතුරුව විදුලි බීල වැඩි වීම මෙන්ම 13 වැනි ව්‍යවස්ථාව හරහා උතුරු නැගෙනහිර පාලනයේ කිරීමට යන වෙනස්කම්ද තිබේ. මේ සියල්ලටම ඉහලින් තිබෙන්නේ ජනතාව විදින ආර්ථික පීඩාවයි.

මේ අතර අධිකරණය හරහා යම් එකගතාවක් හරහා යෝජිත මැතිවරණය කල් දැමීමට කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ. වාර්තා වන ආකාරයට මුදල් අමාත්‍යංශයට මේ අවස්ථාවේ මැතිවරණයට අවශ්‍ය මුදල් සැපයීමේ අපහසුතාව, පොලිසියට මැතිවරණයේ ආරක්ෂාව සැපයීමේ අපහසුතාව, මැතිවරණයේදී ඉන්ධන හා සෙසු බලශක්ති සැපයීමේ අපහසුතාව, මැතිවරණ සීමා නිර්ණය කටයුතු මෙතෙක් හමාර නොවීම, මැතිවරණ වියදම් පාලන පනතේ රෙගුලාසි මේ දක්වා විධිමත්ව සකස් නොවීම, තරුණ නියෝජනය 30% ක් දක්වා ඉහළ නැංවීම ඇතුළු කාරණා රාශියක් මැතිවරණය කල් දැමීමට යෝජිත හේතු අතර වන බව වාර්තා වේ.

මේ කටයුතු සිදුවීම සිදුවනු ඇත්තේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මැතිවරණය කල් දැමීමට අදාළ නඩුව කැඳවන පෙබරවාරි මස 10 වැනි දින මෙම යෝජනාව ඉදිරිපත් වනු ඇති බවද වාර්තා වේ.

රජයේ මෙම යෝජනාව විවෘත අධිකරණයේදී මැතිවරණ කොමිසමට ඉදිරිපත් කොට එම කොමිසමේද එකඟතාවෙන් නිශ්චිත කාලයකට මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටීමට අදහස් කරන බවද වාර්තා වේ.

ඒ අනුව ස්ථීර වශයෙන්ම යෝජිත මැතිවරණය කල් යනු ඇත. අදාළ පහසුකම් ලබා දීමට ඇති අපහසුතාවයන් බොහෝ විට අධිකරණයන් පිළිගනු ඇත.එසේ පිළිගැනීමට හෝ නැතිව සිටීමට අදිකරණය බලය තිබේ. මෙවැනි අවශ්තාවලදී අධිකරණය මැදිහත්වනුයේ ගැටළුව විසදීමටය.

කෙසේ නමුත් අධිකරණය හරහා යම් එකගතාවයක් ඇති වුවහොත් එම එකගතාවයට අනුව කටයුතු සිදුවීම අනිවාර්ය වේ. කෙසේ නමුත් අධිකරණ තීන්දුව කුමක් වේවිදැයි අපට කීමට නොහැක. නමුත් මැතිවරණය කල් යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය වී තිබෙන බව ස්ථීර ලෙසම සදහන් කල හැකිය.

.

Exit mobile version