ස්පා එකෙන් මතු වූ ගණිකාවන්.

ඊයේ (02) පස්වරුවේ ගල්කිස්ස පොලිසිය විසින් රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ඇත.

අදාළ වැටලීම ගල්කිස්ස පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකර ඇත.

ඒ අනුව ගණිකා නිවාසය කළමණාකරණය කිරීම සහ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් වයස අවුරුදු 22,25 සහ 29 වයස්වල පසුවන්නන් බව වාර්තා වේ.

මෙම සැකකාරියන් කටුගස්තොට , වතුරාව සහ වල්පිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (21) ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version