එක්ෂත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු බව කියන සුසන්ත ලියනාරච්චි මහතා, ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාට දැඩි විරෝධයක් දක්වමින් සමාජ මාධ්‍ය සමුහයක සටහනක් තබා තිබේ.
අද ඔබ සැමට ගෞරවනීය
ලෙස සටහනක් තැබීමට හිතුනා.
ඒ උවමනාව ඇත්තේ අදටත් මම එ.ජා.ප නියෝජනය කරන පුද්ගලයෙක් වශයෙනි.මම මෙ සටහන තැබීමෙන් පසු වැරදි විදියට මා විවෙචනය කිරිමට මෙ Facebook campaingn එකේ Admin මාව අයින් කරලා දමයි කියල මම හිතනවා.නමුත් මෙ සටහන නොතියාම බැරි නිසයි මා මෙ සටහන තබන්නට කල්පනා කලේ.
අද ජනාධිපති තුමා ජනාධිපති වරයා වශයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්.
ඔහු යමි සමාජ ගෞරවය රැකෙන පරිදි කටයුතු කරමින් සිටින වෙලාවක තමයි එතුමාට අනවශ්‍ය Cricket පාලක කමිටුවේ සභාපතිත්වය හා සෙසු සමාජිකයන් ගේ පුශ්නයට හෙට පාර්ලිමේන්තු විවාදය තුල අනවශ්‍ය විදියට පුකාශ නිකුත් වෙන්නේ.
එයට පුධාන ලෙස වගකිවයුතු වන්නේ සාගල රත්නායක. බව ඔප්පු වෙමින් පවතිනවා
ඔබට මතක ඇති මෙ Group එකේ ඉන්නවා නම් දිස්ත්‍රික් කලමනාකරණ නිලධාරීන් මම පුකාශයක් කලා පාර්ලිමේන්තු මැතිවරණය පැරදිලා අපි සිරිකොතේදී මාස 4 කට පසු තිබ්බ කලමනාකරැවන්ගේ රැස්වීමෙදි. ඒ පුකාශය නැවත සිහිපත් කරනවා.එදා බරපතල සංවාදයක් තිබුනා සාගල රත්නායකට ඔහු නිසා පක්ෂයට බරපතල හානි සිදු වෙනවා කියල .මම මුණට කිව්වා ඔබ ටිකක් අයින් වෙලා ඉන්න ඔබ ජෝකර් කෙනෙක් වෙනව යන්න කියල.
නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති විමට අවශ්‍ය සියලු ශක්තිය කරට අරගෙන කටයුතු කලේ (වැඩි බරක් අරගෙන)වජිර අබේවර්ධන ( එකක් කියන්න ඕන මම එතුමාගෙන් ලකුණු දාගන්න කියන කථාවක් නොවෙයි ඒක පලමුව කියන්න අවශ්‍ය යි ජනාධිපති කරලා ඉන්පසු ඊලගට ජාතික ලැයිස්තුවෙ මන්ත්‍රී කමට මොන තරම් උත්සාහ ගත්තද සාගල නමුත් වජිර අබේවර්ධන ඒ තැනට සුදුස්ස වුනා සන්තෝෂයි.
දැන් මොකද සාගල කරන්නේ.
අකිල විරාජ් කාරියවසම්ට හා රංගේ බණ්ඩාර ට සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් ට පුමාන වත් සමිබන්ධ විමක් වත් ජනාධිපති තුමා සමග කරන්න සාගල සුක්ෂ්ම විදියට ඉඩ අහුරමින් තමයි කටයුතු කරමින් යන්නේ.
දැන් තත්වය ඉතා බරපතල තැනකට මෙ පුද්ගලයා ගෙනල්ලා තියෙනවා. Cricket පුශ්නයක් නිසා. පොලිස් පති තුමා හා නීති පති තුමා මෙ සමිබන්ධව කටයුතු නොකරන්නේ මොහුගේ මැදිහත් කම මතද කියල සමාජ කතිකාවක් ගොඩනැගිල තියෙනවා.
අද පාර්ලිමේන්තු වෙ කරන ලද ප්‍රකාශයෙන් රොෂාන් රණසිංහ ඒ ගැන තහවුරු කරනවා.
මෙ පුද්ගලයා නිසා ඉදිරි මැතිවරණයට ලොකු අවාසියක් මොහු කරන්නේ මට මෙ ගැන මාධ්‍ය තුල පුකාශ කිරිමට අවකාශ ඕනතරම් මට තියෙනව නමුත් සාගල ඔයා මෙ පක්ෂයට ලැබිච්ච පක්ෂයේ දර දිය ඇදපු මහන්සි වු සියලු දෙනාටම තියෙන ශක්තිය ජනාධිපති තුමා ජනාධිපති වරයා වශයෙන් සිටිම ඒක නොමරා මරන්න එපා.
මම
සුසන්ත ලියනආරච්චි.