ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම හමුදාපති ලෙස ඉතිහාස ගතවී සාම්ප්‍රදායික ක්‍රමයෙන් පරිබාහිරව හමුදා අනපනත් නීති හිතුමතේ නවමින් උත්තරීතර හමුදාවක් කෝලම් මඩුවක්කල හමුදාපති පසුගිය දිනක මාධ්‍ය සංදර්ශනයක් පවත්වා පැරශුටයකින් ගොඩ බැස ලෝක ඉතිහාසයේ පලවන දේශපාලනික පැරශුට් පිම්ම වාර්තා කළේය.
ලංකාවේ හිත හොඳ දේශපාලන නායකයෙකු වන සාගල රත්නායක ගොනාට අන්දවා ඔහුගේ දෑතින් ලාංඡනය පැළඳීමට පෙර, සාගලට මෙන්ම ජනාධිපති ලේකම්වරයාටද සිතීමට බොහෝ දේ තිබුණි. හමුදාපති යනු හමුදාවේ සාමාන්‍ය සෙබලාගේ සිටම අපකීර්තියට පත්ව සිටින්නෙකි. ලංකාවේ සාමාන්‍ය ජනතාවද ඔහු දෙස බලනුයේ උපහාසයෙනි. ඒ උපහාසය ජනාධිපතිවරයාට, ලේකම්වරයාට මෙන්ම සාගලටද එක සේ ලැබෙන්නේය.
පැර ෂුට් ලාංඡනයක් පැළඳවීමට අඛණ්ඩව මාස එකහමාරක පාඨමාලාවක් හදාරා දිවා පැරශුට් පිමි 4 සහ රාත්‍රී කාලයේ පැරශුට් පිම්මක් පැන තිබිය යුතු අතර අඛණ්ඩ පාඨමාලාවකට සහභාගි වූයේ නම් පැමිණීමේ ලේඛන ඉදිරිපත් කරන ලෙස අප ගුවන් හමුදාපතිටත් අභයෝග කරන්නමෙු. පසුව ලේකන සකසා ඉදිරිපත් කර පලක් නැති අතර සියල්ලම අප ලබාගෙන තිබේ
මෙවැනි අති දැවැන්ත මාධ්‍ය සංදර්ශනයකින් රංගන දායකත්වය දුන් යුද්ධ හමුදාපතිවරයා දෙපයින් මහපොලවට පතිත වන කිසිදු වීඩියෝවක් නැත. අඩුම තරමින් ජායාරූපද පලනොවීය. මේ අවමානයෙන් ජනාධිපති , සාගල මෙන්ම ජනාධිපති ලේකම්වර යා බේරා ගැනීම සඳහා එවැනි වීඩියොවක් හෝ ඡායාරූපයක් පලකල යුතුමය. එය කරන ලෙස අප ඉල්ලා නොසිටිමු. ඒ එවැන්නක් නොමැති බැවිනි. තිබෙන්නේ නම් පලකල යුතුව තිබුණි. යුද්ධ හමුදාපතිවරයා බිමට පතිතවන විට කකුල් දෙක අල්ලා ගැනීමට පවා හමුදා භටයන් යොදවා තිබුණු බව යුද්ධ හමුදා ආරංචි මාර්ග වාර්තා කලේය.අප ලියන්නේ ඔවුන්ගේ තොරතුරුවලට අනුව බැවින්, බිමට පතිත වන ඡායාරූපයක් පලකරන්නේ නම් එම තොරතුර බොරුවක් බවටද අප ලියන්නේය.
අපද මෙරට පුරවැසියන්ය. පුරවැසියන්ගේ හමුදා නායකයන්ද අපකීර්තිමත් ලෙස හැසිරෙන විට, ඒවා පලකල විටත්, ඒවා ගැන සොයා බලා නිසි ලෙස කටයුතු කල යුත්තේ, ආරක්ෂක ලේකම්, ජනාධිපති ලේකම්, සාගල රත්නායක සහ ජනාධිපතිවරයාය. ඔවුන්ගෙේ නිහඬ බව නිසා තව දුරටත් වැනසෙන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තියයි.
එසේම වර්තමාන යුද්ධ හමුදාවේ පීඩිත නිලධාරීන් ගැන අප වාර්තා කර තිබෙන පුවත්වලට අනුව කටයුතු නොකර මෙවැනි ක්‍රියාත්මක වීම් කනගාටුදායක ය.
අරගලකරුවන් ජනාධිපති මන්දිරය වටකල අවස්ථාවේ, ආරක්ෂක මංඩලය ජනාධිපති මන්දිරයේ රැස්ව සිටි බවත්, එහිදී, Don’t worry sorry, I ‘m your good office Army Commander කියා ගෝඨාභය පස්සා දොරින් ගොස් නැවටවත් නගින තෙක් නොසිට පලාගිය යුද්ධ හමුදාපතිවරයා, මෙසේ හැසිරීම ඔහුගේ වරදක් නොවේ. එවැනි අය පත්කල පුද්ගලයන්ගේම වරදකි.