සාමකාමී රාජ්‍යයන් ගැටුම්වලට ඈදා නොගත යුතුයි – ශ්‍රී ලංකාවේ ජනපති ජාත්‍යන්තරයට කියයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තිබෙන යෝජනා මෙන්ම, මෙම සමුළුවේ ප්‍රකාශනයට අනුකූලව බටහිර ඉවුර, ගාසා තීරය මෙන්ම නැගෙනහිර ජෙරුසෙලම, පලස්තීන රාජ්‍යයේ කොටසක් ලෙස පිළිගත යුතු බව ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ උගන්ඩාවේ කම්පාලා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව අමතමිනී .

එමෙන්ම ගාසා තීරයේ ජනවාර්ගික සංයුතිය වෙනස් නොවිය යුතු බෑවත් වසර පහක් ඇතුළත පලස්තීන රාජ්‍යය ස්ථාපිත කළ යුතු යැයි තමන් යෝජනා කරන බව ද, විකාශනය වන බහුධ්‍රැවීය ලෝකයට ගැලපෙන පරිදි නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අරමුණු නැවත නිර්වචනය කරමින් ගෝලීය දකුණේ විශාලතම සාමාජික සංඛ්‍යාව සිටින සංවිධානය බවට පත් විය යුතු බවත්, එම පරිවර්තනයේදී මහා බල එදිරිවාදීකම් මෙන්ම ඊට මැදිහත් නොවන රාජ්‍යයන් ඈඳා ගැනීමට සිදු කරන බලපෑම්වලට විරුද්ධ විය යුතු බවද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version