සාමසාදක මෙහෙයුම් සදහා ගිය සොල්දාදුවකු මියයයි.

යුධ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් ප්‍රකාශ කර ඇත්තේ මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා මෙහෙයුම් වල නිරතව සිටියදි යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු හදිසි හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවයි.

මාලි රාජ්‍යයේදී  මෙලෙස මිය ගොස් ඇත්තේ යුධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය නම් වන 40 වියැති දෙදරු පියෙක් බව වාර්තාවේ.

මෙලෙස මිය ගිය සෙබලා මාලි රාජ්‍යයේ සාම සාදක මෙහෙයුම් රාජකාරීන් අවසන් කොට මෙම වසරේ අගෝස්තු මස 17 වන දින ලංකාවට පැමිණීමට නියමිතව තිබු බවයි සදහන් වන්නේ.

එරට සම්ප්‍රදායට අනුව ඉකුත් 16 වන දා අවමංගල උත්සවය පවත්වා ගෞරව දක්වා ඇති බවත් එම දේහය තුර්කි ගුවන් සේවයේ ගුවන්යානයකින් මෙරටට ගෙන ඒමට නියමිත බවත් වාර්තා වේ.

මෙම සෙබලාගේ අවසන් කටයුතු පිලිබදව පසුව දැනුම් දෙන බවයි පවසා ඇත්තේ.

Exit mobile version