ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාවට අනුව කොමිෂන් සභාවේ සාමාජිකයෙකුගේ පුරප්පාඩුවක් තිබුණද ඒ පිළිබදව නොතකා ක්‍රියාකිරීමේ බලය කොමිෂන් සභාවට ඇති බවත් ,එවැනි පුරප්පාඩුවක් තිබුණද කොමිෂන් සභාවේ කිසිදු ක්‍රියාවක් හෝ තීරණයක් නිර්බල නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරන ලදී.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක වන පී.එස්.එම්. චාල්ස් තම සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී ඇති අතර ඇයගේ ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
ඒ අනුව ඇයගේ පුරප්පාඩුවක් තිබුණද එය මැතිවරණ කටයුතු සදහා බාධාවක් නොවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය ප්‍රකාශ කරන ලදී.