සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නොවැම්බර් මස 30 ට පෙර.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මස තිස් වන දා හෝ එම දිනයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කළේය.

මේ දිනවල එම ප්‍රතිඵල තවදුරටත් විමර්ශනය කෙරෙමින් පවතින බවද ඒ මහතා සදහන් කරන ලදී.

ඒ අනුව මේ මාසය අවසන් වන දිනයේදී හෝ ඊට පෙර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Exit mobile version