සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම හෙටින් අවසන් වන බව වාර්තා වේ.

මෙවර මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් භාර ගන්නා බවත් www.doenets.lk හෝ www.onlineexams.gov.lk යන නිල වෙබ් අඩවි හරහා අයදුම්පත් යොමු කළ යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටීයි.

එමෙන්ම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මාර්ගයෙන් ද පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස්වලට අනුකූලව පෞද්ගලිකව ද අයදුම් කළ යුතු බවත් අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීම සදහා තමා අසළ තබා ගත යුතු බවත් වැඩි දුරටත් වාර්තා කරයි.

එමෙන්ම අයදුම්පත් ඉදිරිපත් කිරීම සදහා භාවිතා කළ යුතු පරිශීලක නාම සහ මුර පද විදුහල්පතිවරුන් හට යොමු කර ඇති බව සදහන් කරයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ කිසිදු හේතුවක් නිසා මෙම අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ නොකරන බවයි.

Exit mobile version