සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි 22 වනදා සිට ජුනි 01 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව මැයි 22 සහ මැයි 29 වන ඉරිදා දිනයන්හිදී විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙනු ඇත.
මැයි 22 සිට ජුනි 01 දක්වා දිනයන්හිදී පස්වරු 6.30 න් පසුවද විදුලි කප්පාදුවක් සිදු නොකරයි.
එසේම විභාගය නොපවැත්වෙන දිනවල දහවල් 12 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාප සඳහා පැය1යි විනාඩි 45හේ සිට පැය 2යි විනාඩි 15 ක් දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.