2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් ලබාගැනීමේ කාලය දීර්ඝ කර ඇත.
ඒ අනුව ලබන මස 03 වනදා තෙක් අයදුම්පත් ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර ඇත.
එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන නිල වෙබ් අඩවිය වෙත පිවිස අදාළ උපදෙස්වලට අනුව පෞද්ගලික අයදුම්කරුවන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ඇති බවයි.
විදුහල්පති වෙත ලබාදී ඇති උපදෙස්වලට අනුව පාසල් අයදුම්කරුවන් විසින් අයදුම්පත් යොමු කිරීමට ද කටයුතු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.