සාරිය ගැලවූ ගුරුවරියන්ට සාරි ඇන්දීමට චක්‍රලේඛයක්.

අද (23) දිනය තුළදී පාසල් ගුරුවරියන්ට සාරිය ආනිවාර්යය කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ ප්‍රකාශ කළේය.

පාසල් ගුරුවරියන් කිහිපදෙනෙකු විසින් පසුගිය දිනවලදී සාරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසලේ සිය රාජකාරි වෙත පැමිණ තිබුණි.ඒ ඔවුන්ට සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුමකින් සැරසී රාජකාරි වෙත පැමිණීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින්ය.

ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙම හේතුව නිසා මෙසේ නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

අදටත් රටේ උතුම්ම වෘත්තියක් වශයෙන් සැලකෙන ගුරු වෘත්තිය මෙසේ ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීමට ගුරු දෙවිවරුන් ලෙස සලකන මේ ගුරුවරුන්ම කටයුතු කරන්නේ කුමන අභිප්‍රායකින්ද යන්න තවමත් තේරුම්ගත නොහැකි කරුණකි.

මෙතෙක් කලක් කිසිදු ගුරු පරපුරකට නොමැති වූ අපහසුතාවයක් අද සිටින ගුරුවරුන්ට සාරිය තුළින් ඇතිවන්නේ කෙසේද.

මෙම චක්‍රලේඛය නිකුත් කරමින් මේ සිදුවීමට යන විනාශය වහා වැළැක්වීමට කටයුතු කිරීම අධ්‍යාපන බලධාරීන් විසින් වහාම සිදුකළ යුතුව ඇත.

Exit mobile version