සාහිත්‍ය සහ පාතාල ලෝකය

ලෝකයේ විවිධ සාහිත්‍යන් තුල පාතාලය පිලිබදව ලියවෙන ආකාරය සහ එය අපගේ සාමාන්‍ය ජීවිතය සමග බද්ධ වී ඇති අකාරය  දෙස අවධානයට යොමු කිරීමට කාලය පැමිණ තිබේ.  “අපරාද පාතාලය” නම් වූ කාරනාව පිලිබදව මෙතෙක් නීතිමය බිහිවීමක් සිදුව  නැති උනත්, ඔවුන් කරන වැරදි සදහා දඩුවම් ලබා දීම අපරාද නීතියට අනුව සිදු වෙයි.

සාහිත්‍ය තුලදී, “මළවුන්ගේ ලෝකය” නොහොත් “පාතාල ලෝකය “ පිලිබදව ලියද්දි, එහි හැසිරෙද්දී  අපට පෙනෙන දෙයක් වන්නේ, එහි භාවිතයන් , නොහොත් පැවැත්ම රදා පවතින්නේ යම් නගරයක අඳුරු සහ අපිරිසිදු කොන් අල්ලාගෙන සිටින “ අපරාධ පාතාලය”  සමග බවය. අපිරිසිදු කොන් සහ අඳුරු තුලින් එම සමාජය තුල පවතින නොදියුණු, නොහික්මුණු නොහොත් පිරිහුණු සමාජ පැතිකඩ පෙන්වා දෙනවා. අපරාධ වලට ප්‍රධානම හේතුව වන්නේ, නොහික්මුණු, සමාජ යථාර්තය අවබෝධ කර  නොගත් කල්ලි සහ කණ්ඩායම් බිහි වීම වන අතර, සාහිත්‍ය නිර්මාණ වලදී, නොහොත් ඔබ බොහෝ අශාවෙන් බලා සිටින ටෙලිනාට්‍ය , චිත්‍රපටි වල දුෂ්ට නොහොත් නොහික්මුනු සමාජ යතාර්තයන් ඉතාම මැනවින් පෙන්වා දෙනු ලබන අතර, එම නොහික්මුණු කල්ලි, කණ්ඩායම් වල විනාශයද මැනවින් පෙන්වා දෙනු ලබනවා. එසේ නොමැති නම් එම නොහික්මුනු කල්ලි, කණ්ඩායම් යහමගට අවතීර්ණ වන අයුරුද පෙන්වයි. සාහිත්‍ය තුලින් පෙන්වනු ලබන මේ නිර්මාණ සැබෑ සමාජ යතාර්ථය වුවත්, ශ්‍රී ලංකාව තුල නම් දිනපතාම අශිෂ්ට සමාජයන්හි වර්ධනය පෙන්වනවා.

එසේම සමාජය සහ එහි වැසියන් අපරාධකරුවන් ලෙස සලකන නමුත් වෙනත් දෘෂ්ටි කෝණයන්ගෙන් බලන විට, එම කල්ලි සහ කණ්ඩායම් , තමන්ගේම “සාමාන්‍ය ලෝකයේ” ජීවත් වන , කොන් වූ, අයිතිවාසිකම් නැති, නුසුදුසු  චරිත සමූහයක්ද විය හැකිය. එය ප්‍රබුද්ධ  මිනිසුන් නොහොත් , ඥාණාන්විත මිනිසුන් නොහොත්,  හොද සහ නරක දෙක සමග සියල්ලම ඉතාම හොදින් අවබෝධ කරගන්නා මිනිසුන් හට අවබෝධ කර ගත හැකිය. අවාසනාවට, ශ්‍රී ලංකාව තුල දිනෙන් දින එවැනි මිනිසුන්ගේ බිහි වීම  අඩු වෙමින් පවතී.  

සහිතයේදී, නාගරික පාතාලය අසාමාන්‍ය හෝ අද්භූත  පුද්ගලයන්ගෙන් හෝ ජීවීන්ගෙන් පිරී පවතින අතර ඔවුන්ගේ  නිවහන “ භූගත” විය හැකිය. ඒ නිසාම ඔවුන්ට මලාපවාහන, භූගත/ උමං මාර්ග, බිම් මහල, බංකර හෝ වෙනත් භූගත නාගරික ව්‍යුහයන් භාවිතා කරයි. සාහිත නිර්මාණ වලදී එසේ වුවත්, සැබෑ ලෝකයේද අපට මෙවැනි දේ ඕනා තරම් දැකිය හැකිය.

එවැනි සහිත  නිර්මාණ කිහිපයක් උදාහරණ වශයෙන්:

  1. ඇඹරුණු තොල් සහිත මිනිසා සමඟ අබිං ගුහාව.
  2. හැරී පොටර් කතා මාලාවේ නොක්ටර්න් ඇලී.
  3. ලන්ඩන් කිසි තැනක පහලින් නැත.  ආදිය පෙන්වා දිය හැකිය.

කොහොම උනත්, සියලු ලෝ වැසි අපරාධකරුවන්, යහපත් ජීවන පැවැත්මට දැඩි ලෙස බාධා ඇති කරයි. මත්ද්‍රවය, පාතාලය පමණක් නොව, සියලු අකාරයේ වැරදි, එනම්, පරිසර විනාශය, රාජ්‍ය සහ පෞද්ගලික දේපල විනාශය, වංචා, දූෂණ, මිනී මැරුම්  එහෙමත්, නැතිනම් සාමාන්‍ය  මිනිසුන්ගේ ජීවන පැවැත්මට බාධා කරන සියලු ක්‍රියාවලීන් තුලින් සමාජය දිනෙන් දින විනාශ වන අතර, ප්‍රබුද්ධ මිනිසුන්  විරල වීම තුල අපට මෙන්ම අනාගත පරපුරට ඉතිරිවන්නේ සියලු අයුරින් විනාශ වූ ශ්‍රී ලංකාවකි. සාහිත නිර්මාණවලදී අප බලා සිටින හෝ  කියවන පැය කිහිපය තුල  සියල්ල නිවැරදි කර කතා මාලාව අවසන් කලද, සැබෑ ලෝකය තුල ඒවා නිවැරදි වන්නේ දශක, ශතවර්ෂ ගණනාවක් ගොස්, ශිෂ්ඨාචාර වෙනස් වීමක් සමගය. එබැවින්, සියලු දෙනා එකම අරමුණක සිට, සත්‍ය දෑසින් තම  අවධානය යොමු කිරීමෙන් අපරාධ වලින් දුලභ රාජ්‍යක් අපට බිහි කර ගත හැකිය. ශ්‍රී ලාංකික ලක්ෂ ගණනක් වන ඡන්ද දායකයන් තමාගේ දේශපාලන නියෝජිතයා පත් කරගැනීමට පෙර, සමාජය යහපත් ලෙස නිර්මාණය කර ගැනීම පිලිබදව ඔවුන් දරන මතය, මෙන්ම ඔවුන්ගේ අතීත පැවැත්ම දෙසද මැනවින් අවබෝධ කරගෙන තිබිය යුතුය.

ඔබගේ විචාරයට බාරයි.

ශ්‍රී නිශ්ශංක මායාදුන්න.

Exit mobile version