අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී තම සොයුරා වෙනුවෙන් පෙනී සිටි සොයුරෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සැකකාර තරුණයා දෙනියාය පල්ලේගන මහ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයේ දී තම සොයුරා වෙනුවෙන් පෙනී සිට තිබේ.
මේ සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරයා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය එනසාල් වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර ඔහුව මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.