සා.පෙළ විශේෂ ප්‍රායෝගික පරීක්ෂණ අද සහ හෙට

අද (29) සහ හෙට (30) යන දෙදින තුළ දි 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශේෂ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

2020 වසරට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පසුගිය වර්ෂයේ  දෙසැම්බර් මස 01 වන දින සිට 11 වන දින තෙක් ද පැවැත්වූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදී.

එම කාලසීමාව තුලදී කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගීවීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා මෙම විශේෂ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සහ හෙට යන දිනයන්හිදී දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවන ලද ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථාන කිහිපයකදී මෙම ප්‍රායෝගික පරීක්ෂණ සිදුවන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අවශ්‍ය විභාග අයදුම්කරුවන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්ය විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මගින් පළාත්හි සෞන්දර්ය විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටිය හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

Exit mobile version