අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙට (28) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.
එමෙන්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගය , විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වීමට නියමිත අතර විභාග අපේක්ෂකයින් හාරලක්ෂ හැත්තෑ දෙදෙහස් පන්සිය පනස් තුනක් විභාගයට මුහුණ දීමට නියමිත බව වාර්තා වේ.
තවද බන්ධනාගාර රැදෙවියන් 10 දෙනෙකු ද මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිත අතර ඔවුන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ නව මැගසින් බන්ධනාගාරයේ බව සදහන්.