සැකකටයුතු මරණයක් හලාවතින් .

පෙරේදා (14) දින හලාවත – කොක්කාවිල ප්‍රදේශයේ නිවසක බිම වැටී මිය ගොස් සිටි 49 හැවිරිදි පුද්ගලයෙක් හලාවත පොලීසිය විසින් සොයා ගත් බව වාර්තා වේ.

මෙම මරණකරු මානසික ආබාධයකින් පෙළෙමින් සිටි පුද්ගලයෙකු බව මීට පෙර ඔහුගේ පුත්‍රයා විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර මරණකරු සම්බන්ධයෙන් හලාවත රෝහල විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ මරණකරුගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාලයක් ඇති බවයි.

ඒ හෙයින් මෙම මරණය සැකකටයුතු මරණයක් බව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ප්‍රකාශ කර ඇති අතර මරණය සම්බන්ධයෙන් හලාවත පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ.

Exit mobile version