සැකකරුවන් පිරිසක් යුක්තියට කොටු.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (01) අලුයම අවසන් වූ ගතවු පැය 24 තුළ සැකකරුවන් 878 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 649 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 229දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.

මෙහෙයුම්වලදී හෙරොයින් ග්‍රෑම් 130ක්, අයිස්  ග්‍රෑම් 134ක් ඇතුළු මත්ද්‍රව්‍ය එහිදී ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 04 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබේ.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 229 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 26 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු ලැබූ 192 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 03ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 08ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version