සැක කටයුතු මරණයක්

ඊයේ (12) උදෑසන කාලයේදී වාර්තා වී ඇති සිදුවීමකට අනුව පොලීසිය පවසන්නේ පනාමුර පොලිස් වසමේ කෝන්කටුව, 02 කණුව ප්‍රදේශයේදී පිහිටි වෙළෙඳසැලක් අසල සිහිමද ගතියෙන් වැටී සිටි පුද්ගලයෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බවයි.

මරණකරු වයස අවුරුදු 38ක් වූ කෝන්කටුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පසුගිය 11 වනදා සවස් කාලයේ මරණකරු බීමත්ව වෙළෙඳසැල පිහිටි ස්ථානයට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් සමග ඇති කරගත් සිදුවීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු පොලිස් ස්ථානයට පැමිණ භාරවී ඇති අතර සැකකරුවන් අවුරුදු 23, 55 හා 57 යන වයස්වල පසුවන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.

මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පනාමුර පොලිස් වැඩිදුර විමර්ශන සිදුකරන බව තවදුරටත් වාර්තා වෙයි.

Exit mobile version