බලහරුව, කුඩාඔය ගලා බසින අලුත්වෙල පාලම මතින් යතුරු පැදිය ධාවනය කිරීමට යාමේ දී සැඩපහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයා ගේ මළ සිරුර සොයාගෙන තිබෙන අතර සිද්ධිය සිදු වූ ස්ථානයට නුදුරින් තිබී මළ සිරුර සොයාගෙන තිබේ.
මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචි උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන වැඩබිම් සුපරීක්ෂකවරයෙක් වේ.
වාර්තා වන ආකාරයට මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.