කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකු මීගොඩ ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.
ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත්තේ විවාහ මංගල උත්සවයකට ගොස් යළි පැමිණෙමින් සිටියදී ය.
පොලිසිය සඳහන් කරන්නේ රිය අනතුරට හේතුව බීමතින් රිය පැදවීම බවට සැකපළ කරන බවයි.
අනතුර සිදුව ඇත්තේ ඔවුන් ගමන් කළ අධි සුඛෝපභෝගී මෝටර් රථය මීගොඩ කජුගහයටදෙණිය ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන නිවෙසක තාප්පයක් පෙරළාගෙන නිවසේ ඉදිරිපස වැටී නතර වීමෙනි.