සැබෑ ගුණ පිරි උතුම් පොලිස් මහතුන් ද සිටින බව ඔබ දන්නවා ද?

ඊයේ (05) පස්වරුවේ පොලොන්නරුව බැදිවැව හංදිය ආසන්නයේ කුඩා දරුවෙකු ත්‍රීරෝද රථයකින් රෝහල වෙත රැගෙන් යමින් සිට අවස්ථාවකදී මාර්ගයේ ගමන් ගත් පොලොන්නරුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් එම දරුවා කඩිනමින් රෝහල වෙත රැගෙනයාමට මාර්ගයේ ඉඩහසර සලසා දී ඇත.

ඔවුන් වහා ක්‍රියාත්මක වී එම ත්‍රීරෝද රථය ධාවන සඳහා මග දෙපස ඉඩකඩ සලසා දෙමින් පොලොන්නරුව රෝහලවන තෙක් රැගෙන යාමට ක්‍රියාකර ඇති පුවතක් අපට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරු දක්නට ලැබුණි.

බොහෝ අවස්ථාවලදී සමාජය තුළ ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හැසිරීම හේතුවෙන් විවේචනයට ලක්වන පොලිස් නිලධාරීන් අතර මෙවන් උතුම් සත්පුරුෂ නිලධාරීන් ද වන බවට මෙය කදිම උදාහරණයකි.

ජනතාවගේ වේදනාව ,දුකසැප හඳුනන ඔවුන් වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවක දී ක්‍රියාත්මක වන මෙවන් නිලධාරීන් මේ ලක්මවට වාසනාවක්.

උතුම් සත්පුරුෂ ගුණයෙන් හෙබි මෙම සැබෑ මහතුන්ට රාවනා අපගේ උපහාරය!

https://youtu.be/tHM2Tszcvdw

Exit mobile version