‘සැබෑ සෞඛ්‍ය අර්බුදය යට ගැසිය හැකිද ?’ මහජන පෙත්සම අත්සන් තැබීම ඊයේ කොළඹදී ක්‍රියාත්මක විය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි මහජන පෙත්සම අත්සන් කිරීමේ වැඩසටහන ඊයේ (20) කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී ක්‍රියාත්මක විය.
රෝගීන්ගේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධනය කරනු ලැබූ මෙම වැඩසටහන ඊයේ දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙම ජනතා හිතයිෂි වැඩසටහනට බොහෝ පිරිසක් සහයෝගය දැක්වීය.
“රෝගීන්ගේ නිරෝගී වීමේ අයිතිය, ජීවත් වීමේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සේවයේ සුරක්ෂිතභාවය රැකගනිමු” යන මැයෙන් රෝගීන්ගේ අයිතිය සහ නිදහස් සෞඛ්‍යය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන පෙත්සම අත්සන් කිරීමේ වැඩසටහන පසුගියදා කළුබෝවිල ශික්ෂණ රෝහල අසලින් ආරම්භ වූ අතර මේ වන විට ප්‍රදේශ රැසක මෙම වැඩසටහන පවත්වනු දක්නට ලැබේ.