සැමරීමට යුධ ජයග්‍රහණයක් තිබේද?. ජාතිවාදයේ ගිනි දැල් වැපුරුවේ කවුද?.

උතුරුකරයේ ජනයා දහස් ගනනක් කදුළු සලද්දී දකුණු කරයේ ජනයා අද (19) යුධ සැමරුම සැමරුම සමරන්නේ යුද්ධයෙන් බේරා ගත් රට බේරා ගැනීමට බැරිව විනාශ වූ රටක සිටයි.

පක්ෂ සහ පාට වලින් බෙදුණු ශ්‍රී ලාංකික සිංහල ජනතාව අද වන විටද වෛරයෙන් ක්‍රෝධයෙන් එකිනෙකා මරාගන්නේ යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණයක් නැති නිසාවෙනි. යුද්ධයෙන් දිනා ගත් රටේ, අඩුම තරමින් සිංහල ජාතියෙවත් ජාතික ඒකාබද්ධතාවය හෝ ජාතික අනන්න්‍යතාවය හෝ ජාති මාමකත්වයවත් ඇති කිරීමට ශ්‍රී ලාංකික බහුතර ජාතිය නියෝජනය කරන පාර්ලිමේන්තුවට නොහැකි විය.

යුද්ධය තිබු කාලයේ සැබවින්ම මෙරට ජනතාවට ගැටළු තිබුනේ නැත. ඔවුන් පාට පක්ෂ වලින් බෙදී ගියද ජනතාවක් ලෙස ජීවත් විය. යුධ ජයග්‍රහණයට හරියටම දින 10 ක් තිබියදී ශ්‍රී ලංකාවේ දකුණ ඇවිලුනි. එහෙත් උතුර ගිනි ගත්තේ නැත. යුධ ජයග්‍රහණයෙන් පසුව කල යුතු බොහෝ දේ වෙනුවට ජනතාවට ලබා දුන් භෞතික සංවර්ධනයේ ප්‍රතිපලය අද ශ්‍රී ලාංකිකයන් විදිමින් සිටිති.

රැකියා බලාපොරොත්තුවෙන් දේශපාලකයන් පසු පස ගිය ජනතාව, මහා මාර්ග, ගොඩනැගිලි ඇතුළු වෙනත් මහා පරිපාන සංවර්ධනයන් ඉල්ලමින් සිටි ජනතාව අද ඒවා භුක්ති විඳිමින් සිටිති.

දකුණ ආර්ථිකයෙන් ගිනි ගනිද්දී මිය ගිය තම දු දරුවන් සැමරීම සදහා මුල්ලිවයික්කාල් වෙත විශාල ජනතාවක් සහබාගි විය. එදා යුද්ධයෙන් මිය ගිය සිංහල ජනතාවගේද දෙමාපියන් දරුවන් අද ඔවුන් වෙනුවෙන් කදුළු සලති.

එකම රටක එකම ජාතියක් ලෙස ජීවත් වීමට නොහැකි ලෙස තම පටු පරමාර්ථයන් ඉටු කරගැනීමට කටයුතු කල සිංහල නායකයන්ගේ වරදින් වාර්ගික යුද්ධය ඇති බව අතීත කතාවල සදහන් වේ. විශේෂයෙන්ම සිංහල භාෂාව ජාතික භාෂාව ලෙස නම් කරන විට සම භාෂාව ලෙස දමිල භාෂාව නම් කලේ නම් මෙරට වාර්ගික යුද්ධයක් ඇති නොවන බව අද වන විට අපටද පැහැදිලිව පෙනෙන්නට තිබේ.

එදා වාර්ගික යුද්ධයට පන පෙවූ සිංහල නායකයන් අද මෙරට දැවැන්ත ආර්ථික මෙන්ම සමාජ බිද වැටීමකට ලක් කර තිබේ. බිද වැටී තිබෙන්නේ සිංහල ජාතිය පමණි. උතුරේ දමිල වැසියන් සතුටින් ජීවත් වෙති.

යුද්ධයෙන් පසු උතුරේ ජනතාවගේ සිත් දිනා ගැනීමට මහින්ද රාජපක්ෂ රජය අපොහොසත් විය. නමුත් ඔවුන් ජාතිවාදය මෙන්ම ආගම් වාදය පැතිර වූ බවද නොරහසකි. පටු දේශපාලන පරමාර්ථයන් මෙන්ම තම පටු අභිමතාර්ථයන්  ඉටු කරගැනීම වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ කල්ලිය දැන් මෙරට ගිනි තබා අවසන්ය. එහෙත් තවමත් රට ගොඩ නැගීමේ දර්ශනයක් ඉදිරිපත් කිරීමට පොදු ජන පෙරමුණේ බහුතර කණ්ඩායම් අපොහොසත්ව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ජනාධිපති ලෙස දිවුරුම් දී ජාතිය ඇමතීමේ කතාවේදී ද ජාතිවාදී කතාවක් කරමින් නැවතත් ජාතිවදය ඇවිස්සිය. මේ සියලුම දේශපාලන මතවාදයන් වලට පයින් ගසමින් ජනාධිපතිට මෙන්ම රාජපක්ෂ පවුලටද, ඔවුන් ඇතුළු මන්ත්‍රීවරු 225 ටම ගෙදර යන ලෙස පැවැත්වෙන ගාලුමුවදොර පැවැත්වෙන අරගල භූමිය ජාතිවාදයට මෙන්ම ආගම්වාදයට පයින්ගසමින් සියලුම දෙනා එකට එක්ව සිටිති. මාස දෙකකට ආසන්න කාලයක් පුර පවතින මෙම අරගල භුමිය තුල ඉස්ලාම් බැතිමතුන්ගේ ආගමික උත්සවය, පාස්කු ප්‍රහාරයේ තෙවැනි වසර අනුමස්මරණ පිංකම, වෙසක් උත්සවය ආදී ය පැවැත්විණි. රජය ඇතුළු මන්ත්‍රීවරු ජාති, ආගම් පක්ෂ බේදයෙන් ජනතාව මුලා කරද්දී, රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව ජනතාව විසින්ම ජාතික එකාබද්ධතාවය ඇති කරගෙන තිබේ.

උතුරේ මිය ගියේද, දකුණේ මිය ගියේද අපේම මිනිසුන්ය. උතුරේ දරුවන්ට පියවරුන්, මව් වරුන් , බිරින්දෑවරුන් දු දරුවන් අහිමි විය. දකුණටද එසේමය. අප රටක් ලෙස ඉදිරියට යා යුත්තේ එකම රටක පුරවැසියන් ලෙසිනි. පටු දේශපාලනය නිසා මෙන්ම පෞරුෂත්වයක් නැති පරපෝෂිතයන් වූ පාලකයන් විනාශ කල ශ්‍රී ලංකා මාතෘ  භුමිය නැවත ගොඩ නැගිය යුතුය. ඒ අකම රටක් ලෙස එකතු වීමෙනි. පරපෝෂිතයන් පලවා හරිමින් නැවත  මෙරට ගොඩ නැගිය යුතුය.

මහත් අභිමානයෙන් සැමරීමට යුධ ජයග්‍රහණයක් අපට නැත. අවුරුදු 13 ක් ගෙවී ගොසිනුත් මෙරට එක් සේෂත් කිරීමට මෙරට සිංහල නායකයන්ට නොහැකිව තිබේ. උතුරේ මිය ගියේද මෙරටම වැසියන් බව සිතීමට මෙරට සිංහල නායකයනට තවමත් නොහැකි විය. අවුරුදු 33 ක් පුර උතුරේ ඉපදුනු දමිල ජනතාව උතුර දුටුවේ එකම රටක් ලෙස බවත්, යුද්ධයෙන් පසු ඔවුන්ගේ මනස වෙනස් කිරීමට අවශ්‍ය සැබෑ දේවල් සිදු කිරීමට මෙරට පාලක පන්තිය අපොහොසත් විය. දකුණේ යුධ සැමරුම් සමරන විට, උතුරේ ජනතාවගේ හද ගැස්ම හදුනා ගෙන, ඔවුන්ගේ ශෝකාලාපයද එදිනම සැමරීමට කටයුතු කල යුතුව තිබුනේ රාජ්‍ය අනුග්‍රහය ඇතිවය. නමුත් එකම රටක විවිධ ඉරණම් වලට ජනතාව බෙදීමට කටයුතු කල පාලකයන් එකම ඉරණමක් වෙනුවෙන් ජනතාව වෙනස් කිරීමට අපොහොසත් විය

ජි. පී. නිශ්ශංක

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරි. (උපදේශක)

Exit mobile version