නොරෝච්චෝල කරඹ ප්‍රදේශයේදී සිය සැමියාගේ පහර කෑමට ලක්වු බිරිඳ අද(27) මරණයට පත්ව ඇති බවට නොරෝච්චෝල පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ නොරෝච්චෝල කරඹ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 13 හා 8 ක දරුවන් දෙදෙනෙකුගේ මවක් වන නිසංසලා පෙරේරා නැමති කාන්තාවකි.
මෙම දෙදරු මව රැදි සිටි ඇයගේ ආච්චිගේ නිවසට කඩා වැදි ඇති සැමියා බිරියට පොලු මුගුරු වලින් පහර දී තුවාල සිදු කර ඇති බවත් ඇයව කිසිදු අයකුට රෝහල් ගත කිරිමට පවා අවස්ථාව ලබා දී නැති බවත් කියයි.
කෙසේ නමුත් 26 දින උදෑසන දැඩි අසාධ්‍ය තත්වයෙන් ලේ වහනය වී නිවසේ රැදි සිටියදී ඇගේ ඥාතියකු විසින් ත්‍රි රෝද රථයකින් පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද (27 ) අලුයම මරණයට පත්ව ඇති බවට රෝහල් පොලිසිය පවසයි.
සැමියා පුත්තලම නගරයේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.