ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ශ්‍රී ලංකාව තුළ දැනට පවතින පෝෂණ ඌණතාවය හා ආහාර හිගය පිළිබදව අදහස් ඉදිරිපත් වී ඇත.
එහිදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජනතාවගේ පෝෂණ තත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආහාර බැංකු සහ ආහාර හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීමට තීරණය කර ඇත.
ඒ අනුව ග්‍රාම සේවා වසම් 14,022 ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇත.