කොරෝනා වසංගතයෙන් පසුව මෙරටට 117 දෙනෙකුගෙන් යුතු චීන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණිනු අතර ඊයේ (10) දිනයේද 181 දෙනෙකුගෙන් යුතු චීන සංචාරකයින් පිරිසක් චීනයේ ෂැංහයි නුවර සිට මෙරටට පැමිණි බව වාර්තා වේ. ඊයේ (10) සවස 6.51 ට පමණ චයිනා ඊස්ටන් ගුවන් සේවයේ MU – 231 දරන ගුවන් යානයෙන් මෙරට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා වූ බව කියයි.එමෙන්ම මොවුන් පැමිණ ඇත්තේ දින හතක සංචාරයක් සදහා බව වාර්තා වේ.
මොවුන් පිළිගැනීම උදෙසා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකාවේ චීන තානාපති , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් පැමිණ සිටි බව කියයි.
එමෙන්ම ඊයේ (10) දින සිට සෑම සතියකම චීන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන අතර ගුවන් ගමන්වාර හයක් මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.